මැලේසියානු MH-370 යානය කොහේ හෝ ගොඩ බාලා – පරික්‍ෂණ කණ්ඩායම්

මැලේසියානු MH-370 යානය කොහේ හෝ ගොඩ බාලා – පරික්‍ෂණ කණ්ඩායම්මැලේසියානු ගුවන්සේවයට අයත් MH-370 ගුවන් යානය පැහැරගනු ලැබුවේ දුරස්ථ පාලක භාවිතාවෙන් බව විශේෂඥයින් දෙදෙනෙකු විසින් දක්වා තිබේ.
ගුවන් විදුලි නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡවකදී මැතියස් චෑන් පවසා ඇත්තේ මෙම සිදුවීම පැහැදිලි කළ හැක්කේ දුරස්ථ පාලක පැහැගැනීමක් ලෙසින් පමණක් බවයි.
ඔහු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ්ගේ දේශපාලන ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති නීතිඥයෙකි.
විදෙස් රටක රජයක් විසින් යානයට අත්වූ ඉරණම මැලේසියානු රජය වෙත පැහැදිලි කර ඇති නමුත් ඒ පිළිබඳව කිසිවක් සිදුකිරීමට ඔවුන් අපොහොසත් බව චෑන් පවසා තිබේ.
පසුගියදා ඔහු ගුවන් යානය සොයන කණ්ඩායම් වෙත පණිවුඩයක් යවමින් පවසා ඇත්තේ සත්‍යය හෙළිදරව් වුවහොත් ඇතැම් දේවල් සම්පූර්ණයෙන් කඩාකප්පල් විය හැකි අතර ලෝක ආර්ථිකයටද බරපතල බලපෑමක් එල්ලවනු ඇති බවයි.
මතියස් චෑන් පවසන කඩාකප්පල් විය හැකි දේවල් යනු වාණිජ ගුවන් යානා විය හැකි බව ජීන් චිප් ටැටම්ගේ අදහසයි.
හිටපු විශේෂ හමුදා ගුවන් සංග‍්‍රාම මෙහෙයවන්නෙක් වන ටැටම් ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ අණ මත ක‍්‍රියාත්මකවූ ඉතා වැදගත් මෙහෙයුම් හසුරුවා ඇත්තෙකු බවද පැවසේ.
දැනට අහසේ පියාසර කරන  ඕනෑම ගුවන්යානයක් දුරස්ථ පාලක භාවිතාවෙන් පැහැරගත හැකිබව හෙළිවුවහොත් ගුවන්සේවා ක්‍ෂේත‍්‍රයේ දැඩි කැළඹීමක් ඇතිවනු ඇති බව ඔවුන් දෙදෙනා විසින් ඉගි කර තිබේ.
මේ අතර මාධ්‍යවේදීන්ගේ සහ ගවේෂකයන්ගේ අවධානය දකුණු ඉන්දීය සාගරය වෙත කැඳවූ ඉන්මාර්සැට් චන්ද්‍රිකාවේ ප‍්‍රධානතම හිමිකරුවන හාර්බින්ගර් කැපිටල් සමාගම අයත්වන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්. බුෂ්ට බවද වාර්තා වේ.
මේ අතර එම යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී නැතැයි පවසන සෙවීමේ මෙහෙයුම්වල නිරත වූවන් එම යානය කුමන හෝ ස්ථානයකට ගොඩබස්වා ඇතැයි නිගමනය කර තිබේ.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි