මනූෂ රටේම ‘ඔළු’ හෝදන්න සූදානම්

මනූෂ රටේම ‘ඔළු’ හෝදන්න සූදානම්ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර විසින් කොළඹ සහ ගාලූ දිස්ත‍්‍රික්ක පුරා ‘දැන් ඉතින් ඔළු හොදමු’ තේමාවෙන් පෝස්ටර විශාල ප5මාණයක් අලවා තිබේ.
ඔහු පවසන්නේ රට හමුවේ ඇති අභියෝග ජයගැනීම සදහා ජනතාව එක්රැස් කරන වැඩසටහනක ආරම්භයක් බවයි.
ශ‍්‍රී ලාංකික ජාතියක් ලෙස රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට සිතිය යුතු අවසථාවක ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගස්වන වැඩ සටහනක කතිකාව ගාල්ලෙන් ආරම්භ කර ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
‘නොයෙක් ආකාරයේ ජාත්‍යන්තර බලපෑම් අපට එල්ල වන කාලයක් තමයි මේ කාලය. ජිනීවා සිට විවිධ ජාත්‍යන්තර අභියෝග එල්ලවෙමින් තිබෙනවා. දැන් ලංකාව රටක් ලෙස එකට එක්ව එම අභියෝගයන්ට මුහුණ දිය යුතුයි. ඒ සදහා ජනතාව එක පෙළට පෙළ ගැසී එක් දැක්මක්, එක් අරමුණක් වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි. මේ ගැන ජනතාව දැනුවත් කරමින් ස්වයං විවේචනයක් අපි ආරම්භ කරනවා. අපි ඔළු හෝදගෙන ආකල්පමය වශයෙන් තවත් ශක්තිමත් වෙන්න  ඕන. ඒ වැඩපිළිවෙළේ ආරම්භය තමයි මේ ආකාරයට සනිටුහන් කළේ’

No comments:

post

The Top Platforms Powering Technical Analysis in Global Markets 2026

  The Top Platforms Powering Technical Analysis in Global Markets 2026. In modern financial markets, execution speed and analytical precis...

Popular Posts ජනප්‍රිය ලිපි